BREAKING NEWS
Search

ක්‍රීඩකයන් දෙදෙනෙකුට මරු කැදවූ බොක්සිං සටන

472

ජපානයේ පැවැත්වෙන බොක්සිං තරගාවලියකදී ඇති වූ තුවාලවලින් පසු ක්‍රීඩකයන් දෙදෙනෙකු අවාසනාවන්ත ලෙස මියගොස් තිබේ.

ටෝකියෝ හි කොරකුවෙන් ශාලාවේදී පැවැත්වෙන මෙම තරගාවලියේ දී ඔවුන් දෙදෙනාම එකම බර පන්තියක අවස්ථා දෙකකදී ක්‍රීඩාකර තිබීමද විශේෂත්වයක්.

මෙලෙස මියගොස් ඇත්තේ Hiromasa Urakawa සහ Shigetoshi Kotari නම් ක්‍රීඩකයන් වන අතර, ඔවුන් දෙදෙනාගේම මොළය එකිනෙකාගේ ප්‍රතිවාදීන්ගෙන් එල්ල වූ මුෂ්ටි පහර හමුවේ තුවාල වී ඇත.

ඒ හේතුවෙන් ඔවුන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිට ඇති අතර, එහිදී මෙලෙස දිවිහැර ගොස් තිබේ.

මියගිය ක්‍රීඩකයින් දෙදෙනාම වයස අවුරුදු 28 වියේ පසුවන බව සඳහන්.

මෙම වසර මුලදී අයර්ලන්ත බොක්සිං ක්‍රීඩකයෙකු ද තරගයක් අතර එල්ල වූ ප්‍රහාරයක් හේතුවෙන් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගියේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *