ශ්‍රී ලංකාවට අයත් අභ්‍යවකාශ සීමාව රාජපක්ෂ ආණ්ඩු යුගයේ වෙනත් රටකට ලබා දී ඇති බව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සඳහන් කරයි.
රෝහිත රාජපක්ෂ මහතා සම්බන්ධ වී 2012 වසරේ ගුවන්ගත කරන ලද චන්ද්‍රිකාව සම්බන්ධයෙන් අදහස් පළ කරමින් ජන හමුවකදී අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
මේ රොකට් එක යවන්න මිලියන 12000ක් ආයෝජනය කළා කියනවා. මේ වැව් බැම්මට යන්නේ මිලියන 1.8යි. 2013 වෙනකොට 12000ත් නෑ. රොකට් එකක් නෑ. මේ වැව හදන්න ගොවි සංවිධානවලට දෙන්න බාධාවක් නෑ.
හැබැයි වෙන කාට හරි දෙනවා නම් ටෙන්ඩර් කරන්න ඕන. අපේ අභ්‍යවකාශ අයිතිය මේ සමාගමට දෙන්න ටෙන්ඩර් දාලත් නෑ. මේ රාජපක්ෂලා දීපු ගේම්.”



















