BREAKING NEWS
Search

8 හැවිරිදි දරුවා නිවසේ තනිව සිටිද්දී පිළිස්සී මියයාමේ සිද්ධියට මව හා පියා සහ අනියම් පෙම්වතාට දුන් නියෝගය

1410

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

බලන්ගොඩ දෙහිගස්තලාව ප්‍රදේශයේ නිවසක ඇති වූ ගින්නකින් 8 හැවිරිදි දරුවෙකු පිළිස්සී මියයෑම සම්බන්ධයෙන්   අත්අඩංගුවට ගත් එම දරුවාගේ මව, පියා සහ මවගේ අනියම් පෙම්වතා එළැඹෙන 18වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.

ඔවුන් අද (10) පෙරවරුවේ බලන්ගොඩ වැඩබලන මහෙස්ත්‍රාත් දේශබන්දු සුරියබටබැදි මහතා හමුවට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී තිබේ.

නොසැලකිලිමත් ලෙස කටයුතු කර දරුවාට ආරක්ෂාව සහ රැකවරණය ලබා නොදීමේ චෝදනාව මත මෙලෙස මව සහ පියා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස වැඩබලන මහෙස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

එමෙන්ම අනියම් සැමියාටද වරෙන්තු කිහිපයක් ඇති බැවින් ඔහු රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

මේ අතර මියගිය දරුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිරුර බලන්ගොඩ මූලික රෝහලේ දී සිදුකිරිමෙන් අනතුරුව, අවසන් කටයුතු සිදුකිරීම සඳහා සිරැර පවුලේ ඥතින් වෙත භාර දී ඇත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *