BREAKING NEWS
Search

අතුරුදන්ව සිටි තිදරු පියාගේ මළ සිරුර ජලාශයකින් හමුවෙයි

1253

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

නිවසින් අතුරුදන්ව සිටි පුද්ගලයෙකුගේ මළ සිරුරක් මාවුස්සාකැලේ ජලාශ පත්ලේ සිරවී තිබියදී නාවික හමුදාවේ කිමිදුම්කරුවන් විසින් සොයා ගෙන තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ මස්කෙළිය, බ්‍රවුන්ලෝ වතුයායේ පදිංචි වයස අවුරුදු 55ක් වන තිදරු පියෙකි.

මෙම පුද්ගලයා පසුගිය 06 වැනිදා සිට අතුරුදන්ව සිට ඇති අතර මාවුස්සාකැලේ ජලාශ ඉවුරේ තිබී ඔහුගේ ඇඳුම්, හිස් වැසුම හා පාවහන් හමුවී තිබුණි.

එම ඇඳුම් තිබුණ ස්ථානය අසල පොළවේ “මගේ මරණයට හේතුව E.P.F” බවට සටහනක්ද තබා ඇති බව මස්කෙළිය පොලීසිය පැවසුවේය.

මියගිය පුද්ගලයාගේ මළ සිරුර දික්ඔය මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර මස්කෙළිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *