BREAKING NEWS
Search

පාස්කු ප්‍රහාරය ගැන මෙතෙක් හෙළි නොවූ කරුණු රැසක් හෙළි කරනවා

41

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

පාස්කු ඉරිදා ප්‍රහාරයේදී මේ දක්වා හෙළි නොවූ කරුණු රැසක්ම නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග විවාදය ගෙන එන අවස්ථාවේදී පාර්ලිමේන්තුවේදී හෙළි කරන බව සමගි ජන බලවේගය කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පැවසුවා.

ඔහු පැවසුවේ, ලබන සඳුදා මෙම විශ්වාසභංග යෝජනාව කථානායකවරයාට භාරදෙන බවයි.

මෙම විශ්වාසභංග යෝජනාව සඳහා දින දෙකක් ඉල්ලා සිටින බවත්, හැකි තරම් ඉක්මනින්ම මෙම විවාදය පවත්වන ලෙසට කථානායකවරයාගෙන් ඉල්ලා සිටින බවත්, මුජිබර් රහුමාන් ප්‍රකාශ කළා.

ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ, මෙම විශ්වාසභංග යෝජනාව සඳහා විපක්ෂයේ සියලුම පක්ෂ නායකයින් අත්සන් කර ඇති බවත්, දැනටමත් විපක්ෂයේ විශාල පිරිසක් මේ ගැන දැඩි උනන්දුවකින් කටයුතු කරන බවත්, පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන සාධාරණ පරීක්ෂණයක් ආණ්ඩු විසින් සිදු කරනවා නම් නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා එම ධූරයෙන් ඉවත් කිරීමට අනිවාර්යෙන්ම ක්‍රියා කළ යුතු බවයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *