BREAKING NEWS
Search

මුහුදේදී මියගිය ධීවරයකුගේ සිරුර ගොඩබිමට

326

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

ගාල්ල ධීවර වරායේ සිට ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය බහු දින ධීවර යාත්‍රාවක සිටි ධීවරයෙකු මුහුදු සැතපුම් 180ක් පමණ දුරින් වූ ගැඹුරු මුහුදේ දී ඇතිවූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ඊයේ (08) පෙරවරුවේ මියගොස් ඇතැයි වරාය පොලිසිය පවසයි.

ධීවරයින් 06 දෙනෙකු සමඟ ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය මෙම බහුදින යාත්‍රාවේ සිටි අයෙක් මෙසේ හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් මියගොස් ඇති බවට ගාල්ල රේඩියෝ මධ්‍යස්ථානය අමතා එම යාත්‍රාවේ නියමුවා විසින් දැනුම් දී තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ බලපිටිය ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි ධීවරයෙකි.

මියගිය පුද්ගලයාගේ දේහය රැගෙන මෙම යාත්‍රාව අද (09) පස්වරුවේ ගාල්ල ධීවර වරාය වෙත පැමිණියේය.

සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල වරාය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි




Leave a Reply

Your email address will not be published. Required fields are marked *