BREAKING NEWS
Search

සිල් ගන්න ගිය දෙදරු පියාට දිවි අහිමි කළ මාරක අනතුර ගැන ඇහෙන, හද සසල වෙන කතාව..

1751

මේ පුද්ගලයෙකුට දිවි අහිමි කළ මාරක අනතුරක් ගැන ඇහෙන හද සසළ කරවන කතාවක්…

හොරණ රෝහල හන්දිය අසලදී අද උදෑසන වෑන් රථයක් හා යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් තුවාල ලැබු දෙදෙනාම හොරණ දිස්ත්‍රික් රෝහලට ඇතුලත් කිරීමෙන් පසු පිරිමි පුද්ගලයා මියගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.

මෙසේ මියගොස් ඇත්තේ බැල්ලපිටිය ප්‍රදේශයේ පදිංචි 75 හැවිරිදි දෙදරු පියෙක්.

මොරගහේන ප්‍රදේශයේ කර්මාන්තශාලාවක සේවකයින් ප්‍රවාහනය කරමින් තිබූ වෑන් රථයක් හොරණ සිට අඟුරුවාතොට ප්‍රදේශයට ගමන් කරමින් සිටියදී අඟුරුවාතොට දෙස සිට සිල් සමාදන්වීම සඳහා විහාරස්ථානයකට යතුරුපැදියකින් ගමන් කරමින් සිටි අඹු සැමි යුවලක් හොරණ රෝහල මංසන්ධියෙන් දකුණු පසට හැරවීමට යාමේදී මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුරින් පසුව වෑන් රථය මියගිය පුද්ගලයාව මීටර් 32ක් ඇදගෙන ගොස් ඇති අතර අනතුරට හේතුව වෑන් රථයේ අධික වේගය බවට පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

වෑන් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර හොරණ පොලීසිය වැඩිදුර විමර්ෂන සිදුකරනවා



Leave a Reply

Your email address will not be published. Required fields are marked *