BREAKING NEWS
Search

සෝමරත්න දිසානායක ලෙස රගපා තරුණියන් රවටාගෙන අමුතු රංගනයක් දාපු තැපැල් සේවකයා

511

වීණ චිත්‍රපට අධ්‍යක්ෂ සෝමරත්න දිසානායක මහතා ලෙස පෙනී සිටිමින් තරුණියන් රවටා ලිංගික හිංසන සිදු කළේ යැයි අත් අඩංගුවට පත් පොල්ගහවෙල තැපැල් සේවකයා ලබන විසි එක දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මහත්මිය අද (7) නියෝග කළාය. 

රහස් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ඉසුරු කරුණාදාස සැකකාර තරුණයා මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණ.

රහස් පොලිසිය අධිකරණයට කරුණු දක්වමින් සැකකරු චිත්‍රපටවල රඟපෑමට අවස්ථාව සලසා දෙන බව පවසා දිවයිනේ විවිධ ප්‍රදේශවල තරුණියන්ගේ නිරුවත් රඟපෑම් වට්ස් ඇප් නරඹා ඇති බවත්, ඔවුන්ගෙන් මුදල් ලබා ගෙන ඇති බවත් සඳහන් කළේය.

සැකකරු අත්අඩංගුවට ගැනීමට වසර දෙකක කාලයක් ගත වූ බවද රහස් පොලිසිය පැවසීය.

කිසියම් පුද්ගලයෙකු තමන්ගේ ඡායාරූපය යොදා සකස් කර ගත් ව්‍යාජ ෆේස්බුක් ගිණුමක් හරහා කාන්තාවන්ගේ නිරුවත් ඡායාරූප ගෙන්වාගෙන ඇති බවට චිත්‍රපට අධ්‍යක්ෂක සෝමරත්න දිසානායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ කොට්ඨාසයට කරන ලද පැමිණිල්ලක් අනුව සැකකරු අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *