2024 අ.පො.ස. (උ/පෙළ) විභාගයෙහි නැවත සමීක්ෂණ ප්‍රතිඵල අද (07) නිකුත් කර තිබේ.
එම ප්‍රතිඵල ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙඩි අඩවි වන www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙත පිවිස විභාග අංකය හෝ ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කිරීමෙන් ලබාගත හැකියි.
මෙම නැවත සමීක්ෂණ ප්‍රතිඵල මත 2025 අ.පො.ස.(උ. පෙළ) විභාගය සඳහා අයදුම් කිරීමට බලාපොරොත්තු වන හා 2025 අ.පො.ස.(උ.පෙළ) විභාගය සඳහා අයදුම් කිරීමට ලබා දී තිබූ කාල සීමාව තුල අයදුම් කිරීමට නොහැකි වූ අයදුම්කරුවන්ට අද සිට 12 වැනිදා මධ්‍යම රාත්‍රී 12.00 දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම්පත් ඉදිරිපත් කිරීමේ අවස්ථාව සලසා දී ඇත.

















