BREAKING NEWS
Search

අපේ ස්ථාවර ගමනට කකුල් මාට්ටු දාන්න ලෑස්ති වෙන්න එපා

20

ශ්‍රී ලංකාවේ ආර්ථිකය බිඳ වැටේවි යැයි  විපක්ෂය හැම විටම කුරිරු සිහිනයක් දකින නමුත් ඔවුන්ගේ සිහිනය කිසි විටක ඉටුවන්නේ නැතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අද (7) පැවසීය.

අයවැය ලේඛනයෙන් රජය අපේක්ෂා කරන ලද ආදායමට වඩා වැඩි ආදායමක්  ලබා ගන්න පුළුවන් බවට සංඥා ලැබී තිබෙන බව කී ජනාධිපතිවරයා ලබන දෙසැම්බරය වන විට ඩොලර් බිලියන හත ඉක්මවන විදෙස් සංචිතයක් අත් කර ගන්නා බව කීය.

ආණ්ඩුවේ  ස්ථාවර ගමනට කවුරුවත් කකුල් මාට්ටු  දාන්න සූදානම් වෙන්න එපා යැයි කී ජනාධිපතිවරයා කොතැනක හෝ කෙනෙක්ට  කුමන්ත්‍රණ කරන්න සිතුවිල්ලක් හරි තියෙනවා නම්  එය පරාජය කරන බව  කීය.

ආණ්ඩු පක්ෂයේ විසින් ගෙන එන ලද රටේ වර්තමාන ආර්ථිකය පිළිබඳ සභාව කල්තැබීමේ විවාදය අමතමින් ජනාධිපතිවරයා මෙසේද සඳහන් කළේය.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *