BREAKING NEWS
Search

විපක්ෂ නායක දොස්තර හොඳ හිත කාටුනයේ චව් චව් වගේ

68

සදාකාලික විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හරියට දොස්තර හොඳ හිත කාටූනයේ චව් චව් වගේ යැයි කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති  මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

ඔහුගේ එකම කාර්යය හැමදේටම නෑ බෑ කියන එක බවද හඳුන්නෙත්ති  මහතා කීය.

“ජනතාව කියන්නේ සජිත් විපක්ෂ නායක ලෙස සිටින තුරු මාලිමාව හැමදාම ආණ්ඩුවේ සිටින බවයි. අප මේ වන විට දිවයින පුරා කර්මාන්ත පුර රැසක වැඩ අරඹා තිබෙනවා.දිවයින පුරා කර්මාන්ත පුර 19 ක් අළුතින් ආරම්භ කරනවා.මේවායේ දහස් ගණනක රැකියා තිබෙනවා.වගා නොකරන සංචාරක කර්මාන්තයට හෝ විනෝදාත්මක කටයුතු සඳහා යොදා නොගන්නා කර්මාන්ත සඳහා උචිත ඉඩම් ලැයිස්තු ලබා දෙන ලෙස අප දිසාපතිවරුන්ට දැනුම් දී තිබෙනවා යනුවෙන්ද අමාත්‍යවරයා කීය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *