Search

පාසැල් නිවාඩුව ගැන දැනුම්දීමක්

10428

2025 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිංහල හා දෙමළ පාසල් සඳහා දෙවන පාසල් වාරය අදින් (07) අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කර තිබේ.

ඒ අනුව පාසල් සඳහා තෙවන පාසල් වාරය 2025.08.18 වන සඳුදා දින ආරම්භ වේ.

එමෙන්ම මුස්ලිම් පාසල් සඳහා දෙවන පාසල් වාරය 2025.08.19 වන අඟහරුවාදා දින අවසන් වන අතර තෙවන පාසල් වාරය 2025.08.25 වන සඳුදා දින ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් නිවේදනය කර ඇත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *