රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව
ව්‍යාපාරිකයෝ කිහිපදෙනෙකුට අවශ්‍ය ලෙස ආණ්ඩුව තීන්දු තීරණ ගන්න බවත්, එහි ප්‍රතිපලයක් ලෙස සම්පූර්ණයෙන්ම අප රටේ දේශීය කොදු නාරටිය කඩා වැටෙන බවත්, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.
ඔහු මේ බව සඳහන් කළ සිටියේ, ලංකා සීනී සමාගමේ සෙවනගල සහ පැලවත්ත උක් ගොවීන්, කර්මාන්ත ශාලාවල සේවකයින් මෙන්ම සැපයුම්කරුවන් මුහුණ පා ඇති අර්බුධය පිළිබඳව පසුගියදා පැවති සාකච්ඡාවක් අතරතුරයි.
එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ,
“මේ හදලා තියෙන සීනි විකුණගන්න බෑ. හදන්න කියලා නෙවෙයි කියන්නේ තියෙන ටික විකුණගන්න.. එදා අපි ප්‍රතිපත්ති තීන්දු ගත්තා. අපි එතනෝල් පිටින් ගේන එක නැවැත්තුවා. ලංකාවේ නිෂ්පාදන ටික විකුණගන්න. ඒ තුළින් අසීමිත ලාභයක් ලැබුවා. ඒ ලාභය සේවකයන්ට දුන්න.අ ඒ වගේම ලාංභාශ ගොවියට දුන්නා. සමහර වෙලාවට ඒවා බෝනස් එකක් විදිහට හැඳින්වුවා, ලාංභාශ විදිහට හැඳින්වූවා…
දැන් අද මොකක්ද කරන්නේ? ව්‍යාපාරිකයෝ කීපදෙනෙක්ට ඕන විදිහට ආණ්ඩුව හැසිරෙන්නේ. මේක තමයි ඇත්ත කතාව හංගන්න දෙයක් නෑ. ව්‍යාපාරිකයෝ කීපදෙනෙක්ට ඕන විදිහට මේ ආණ්ඩුව තීන්දු තීරණ ගන්නවා. ආන්ඩුව ව්‍යාපාරිකයෝ කීපදෙනෙක්ට ඕන විදිහට තීන්දු තීරණ ගන්න එකෙන් මොකක්ද වෙන්නේ? සම්පූර්ණයෙන් මේ රටේ දේශීය කොදු නාරටිය කඩන් වැටෙනවා. දැන් අධ්‍යාපන ක්‍රමය ලොකුම ප්‍රශ්නේ ඉතිහාසය පාඩම. එහෙමනේ කියන්නේ.ඒක නිසා ඉතිහාසය අයින් කරන්න ඕනේ කියනවා. ආණ්ඩුවේ ඉතිහාසය හොඳ නෑ ඕනේ. අපි මොනවා කරන්නද ඒකට. අපේ ඉතිහාසයේ ප්‍රශ්නයක් නෑනේ ආණ්ඩුවේ ඉතිහාසය හොද නැති වුණාට…”



















