BREAKING NEWS
Search

හැමෝම ආදරය කරන දුෂේනි යළිත් ප්‍රධාන චරිතයකින් පුංචි තිරයට

12281

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

”ජැෆ්නාදරය” නවතම ටෙලි සිතුවමෙහි මුහුරත් උළෙල පසුගියදා පැවැත්වුණා.

ඒ, ‘ජැෆ්නාදරය’ අරන් ඔබ හමුවට ඒමට නියමිත නළු නිළි කැළගේ සහභාගීත්වයෙන්.

රංග ප්‍රේමරත්නගේ අධ්‍යක්ෂණයක් වන මෙය, ලේඛිකා ප්‍රිසිලා ගොඩහේවා විසින් රචිත ”ජැෆ්නාදරය” නවකතාව පාදක කරගත් ටෙලි නිර්මාණයකි.

ඒ අනුව ජනප්‍රිය රංගන ශිල්පිනි දුෂේනි මියුරංගි සිල්වා, ජැෆ්නාදරය ටෙලි තිරය සරසන ප්‍රධාන චරිතය ලෙසින් ඔබ හමුවට පැමිණෙනු ඇති.

එමෙන්ම මේ තුළින් දුෂේනි කලකට පසුව යළිත් ප්‍රධාන චරිතයකින් ටෙලි නාට්‍යයක් ඔස්සේ රසික සමූහයා අතරට පැමිණීම සනිටුහන් වීමත් විශේෂය.

ඇයට අමතරව ගිහාන් ප්‍රනාන්දු, සුරාජ් මාපා, ශ්‍රියන්ත මෙන්ඩිස්, ජගත් චමිල, නීටා ප්‍රනාන්දු, රෙබේකා දිල්රුක්ෂි ඇතුළු ප්‍රවීණ සහ නවක නළු නිළි රැසක් ‘ජැෆ්නාදරය’ ඔබට සමීප කරවීමට නියමිතය.

මෙම ටෙලි නිර්මාණය, අර්ජුණ රණදේවගේ නිෂ්පාදනයකි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *