BREAKING NEWS
Search

කොළඹ-කතරගම ප්‍රධාන මාර්ගය භාවිතා කරන රියදුරන්ට නිවේදනයක්

520

ගන්දර පොලිස් වසමේ දෙවිනුවර උත්පලවන්න ශ්‍රී විෂ්ණු දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යයේ කාවඩි පෙරහර හෙට දින (07) සවස 04.00 සිට රාත්‍රී 09.00 දක්වා හා අවසන් රන්දෝලි පෙරහර අනිද්දා දින (08) සවස 04.00 සිට රාත්‍රී 09.00 දක්වා වීථී සංචාරය කිරීමට නියමිතය.

පෙරහර ගමන් ගන්නා කාලය තුළ කොළඹ කතරගම ප්‍රධාන මාර්ගය වසා තැබෙන බැවින් මෙම කාලය තුළ මෙම මාර්ගය භාවිතා කරන රථ වාහන රියදුරන් හට ඇති වන අපහසුතාවය අවම කිරීම සඳහා පහත විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය එම රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

විකල්ප මාර්ග

• මාතර දෙස සිට තංගල්ල දෙසට ගමන් කරන රථ වාහන මැද්දවත්ත කාර්මික විද්‍යාලය අසලින් මාතර යටියන මාර්ගයට හරවා කැකණදුර හන්දියෙන් වේහැල්ල මාර්ගය ඔස්සේ දික්වැල්ල දක්වා ගමන් කළ හැකිය.

• තංගල්ල දෙස සිට මාතර දෙසට ගමන් කරන රථ වාහන තලල්ල කාර්මික විද්‍යාලය අසලින් හරවා නාඔටුන්න මාර්ගය ඔස්සේ වියන්නරුව හන්දිය දක්වා ගොස් දික්වැල්ල වේහැල්ල මාර්ගය ඔස්සේ කැකණදුර හන්දියට පැමිණ කැකණදුර මාතර පාර ඔස්සේ මාතර දක්වා ගමන් කළ හැකිය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *