BREAKING NEWS
Search

කලාපයේ අඩුම විදුලි බිල ඇති රට කිරීම අපේ අරමුණයි

45

වගකිව යුතු රජයක් කළ යුත්තේ කලාපයේ අඩුම මිල සහිත විදුලිය ලබාදෙන රට බවට පත් කිරීම යැයි බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

ශ්‍රී ලංකා විදුලි බල (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනි වර කියැවීමේ විවාදය අරඹමින් අමාත්‍යවරයා මේ බව කීය.

විදුලි බල සංශෝධන පනත් කෙටුම්පත මගින් විදුලිබල ක්ෂේත්‍රයේ විශාල පිම්මක් ලබා ගැනීමට හැකියාව ලැබෙනවා.අප රටේ විදුලි බල ක්ෂේත්‍රය වෙළඳපොළ ක්‍රමයකට ප්‍රතිසංස්කරණය විය යුතු බවට මීට පෙර සාකච්ඡා ඇරැඹී තිබුණත් එවක පාලකයන්ගේ අරමුණ වූයේ ජනතාවගේ බොටුව මිරිකා විදුලි ගාස්තු වැඩිකර තම බඩ වඩා ගැනීමයි.

මේ රටේ විදුලි අර්බුද ස්වභාවිකව ඇති වූවා නෙවේ.අතීතයේ විදුලි අර්බුද ඇතිකර හදිසි මිලදී ගැනීම් ආදිය සිදුකර තිබෙනවා.කුඩා රටක් වන අපට විදෙස් ආයෝජන ගෙන්වා ගැනීම ඉතා වැදගත් යනුවෙන්ද අමාත්‍යවරයා කීය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *