BREAKING NEWS
Search

පස් කන්දක් කඩා වැටී 5ක් රෝහලට

174

මස්කෙළිය සාමි‍මලේ මාර්ගයේ බනියම් පාලම අසල නිවසකට කඩා වැටුණු පස් කන්දක් ඉවත් කරමින් සිටි කම්කරුවන් 5 දෙනකු මතට තවත් පස් කන්දක් කඩා වැටීමෙන් යට වී සිටි පිරිස මුදා ගෙන රෝහල් ගත කිරිමට අවට පදිංචිකරුවෝ අද (06) සමත්වූහ.

මස්කෙළිය ප්‍රදේශයට ඇදහැලුණු අධික වර්ෂාවත් සමඟ ඊයේ  (05) පස් කන්දක් කඩා වැටුණු බවත්, එම පස් කන්ද අද (06) දින ඉවත් කරමින් සිටියදී දහවල් 12:00ට පමණ මෙම අනතුර සිදුව ඇති බවත් කියයි.

තත්ත්වය එතරම් බරපතල නොවන බව රෝහල්ආරංචිමාර්ග කියයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *