උතුරු ඉන්දියාවේ උත්තරාකන්ද් ප්‍රාන්තයේ කඳුකර කලාපයක ඇතිවූ වැසි කුණාටුවක් සමඟ හටගත් හදිසි ජලගැලීමකින් පහත්බීම්වල පිහිටි නිවාස රැසක් විනාශවී තිබේ.
හදිසි ජලගැලීම්වලින් මෙලෙස වැනසී ගියේ ධරාලි නම් ගම්මානයේ හෝටල් සහ අවන්හල් රැසක් ඇති ජනාකීර්ණ කලාපයකි.
මෙම සිද්ධියෙන් පුද්ගලයන් 04 දෙනේකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් පුද්ගලයින් 50 දෙනෙකු පමණ අතුරුදන් වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
අතුරුදන් වූවන් සොයා මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇති බව වාර්තා වෙයි.

















