BREAKING NEWS
Search

ජපුර වෛද්‍යවරියගේ දියණිය සමාව ගන්න සූදානම්

176

අල්ලස් කොමිසමේ නිලධාරීන්ට මරණීය තර්ජන එල්ල කිරීම සම්බන්ධයෙන් එම නිලධාරීන්ගෙන් කොන්දේසි විරහිතව සමාව අයදීමට සූදානම් බව ස්නායු ශල්‍ය උපකරණ වැඩි මිලට විකුණුවේ යැයි කියන  ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ   විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍යවරියගේ දියණිය  කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මහත්මිය  හමුවේ කරුණු ඉදිරිපත් කරමින් අද(05) ප්‍රකාශ කළාය.

අදාළ සමාව අයදීමෙන් නොනැවතී එසේ සමාව ගත් බවට දැන්වීම් පළකිරීමට සූදානම් බවත් ,තමන්ට එරෙහි විමර්ශනය එසේ සමථයකට පත්කර අනාගතය සකසා ගැනීමට ඉඩ ලබා දෙන ලෙසත් සැකකාර හේමාලී විජේරත්න අධිකරණයෙන් ඉල්ලා සිටියාය.

අල්ලස් කොමිසමේ නිලධාරීන්ට මරණීය තර්ජන එල්ල කිරීම සම්බන්ධයෙන් ඇප මත සිටින හේමාලී විජේරත්න සැකකාරිය වෙනුවෙන් ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම මහතා මෙම කරුණු අධිකරණයට ඉදිරිපත් කළේය.

අල්ලස් කොමිසමේ නිලධාරීන් දෙපළගෙන් අධිකරණය ඉදිරියේදී කොන්දේසි විරහිතව සමාව ගෙන නඩුව සමථයකට පත් කිරීමට සැකකාරිය සූදානම් නමුත්,මේ අවස්ථාවේදී අදාළ චෝදනාවන්ට වරද පිළිගැනීම හැකියාවක් නොමැති බව නීතිඥවරයා වැඩිදුරටත් පැවසීය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *