BREAKING NEWS
Search

කොළඹ ප්‍රධාන පෙළේ බාලිකා විදුහලක 09 වසරේ සිසුවියන් පිරිසක් මත් පෙති බීලා

4983

කොළඹ ප්‍රධාන පෙළේ බාලිකා විදුහලක සිසුවියන් පස්දෙනකු මත්පෙති පානය කර සිටියදී සිය බාරයට ගත් බව මරදාන පොලිසිය කියයි.

එම සිසුවියකට මත්පෙති අලෙවි කළ බව කියන පුද්ගලයකුද මත් පෙති දෙකක් සමග පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

විදුහල්පතිනිය  තම විදුහලේ 09 වසරේ ඉගෙනුම ලබන සිසුවියන් පිරිසක් මත් පෙති පානය කර ඇති බවට දුරකථනයෙන් කරන ලද දැනුම් දීමක් අනුව එහි ගිය පොලිස් නිලධාරීන් කීප දෙනකු එලෙස හඳුනාගත් සිසුවියන් පස්දෙනකු පොලිස් ස්ථානය වෙත රැගෙන ආ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

එම සිසුවියන්ගෙන් වැඩිදුරටත් ප්‍රශ්න කිරීමේදී එම සිසුවියන් අතර සිටින එක් සිසුවියක් තමන්ට මත් පෙති ලබා දුන් බවට සිසුවියන් සිව් දෙනකු ප්‍රකාශ කළ ඇත.

ඒ අනුව එම සිසුවියගෙන් ප්‍රශ්න කිරීමේදී පළමු වරට මත් පෙති තුනක් පාසල වෙත ගෙන ගොස් එම පෙති තුනෙන් එකක් තමා පානය කළ බවත් අනෙක් මත් පෙති දෙක මිතුරියන් දෙදෙනකුට ලබා දුන් බවත් ඔවුන් ඒවා වැසිකිළිය තුළදී පානය කළ බවත් එම මිතුරියන්ගේ ඉල්ලීම මත නැවතත්  මත් පෙති 03 ක් පාසල වෙත රැගෙන විත් 02 ක් මිතුරියක් වෙත ලබා දුන් බවත් ඇය ඒවා පානය කළ බවත් පසුව තවත් දින දෙකක් මත්පැති දෙක බැගින් පානය කළ බවත් එම මත් පෙති මට්ටක්කුලිය මල් වත්ත ප්‍රදේශයේ පුද්ගලයකුගෙන් මිලදී ගත් බවත් ප්‍රකාශය කර ඇත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *