BREAKING NEWS
Search

පිටකොටුව බස් නැවතුම සංවර්ධනය ගුවන් හමුදාවට

82

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ පිටකොටුව මධ්‍යම බස් රථ නැවතුම් පොළ සංවර්ධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

දශක ගණනාවක් තිස්සේ අලුත්වැඩියා හා යාවත්කාලීන කිරීම් සිදු නොකිරීම හේතුවෙන් පිටකොටුව මධ්‍යම බස් රථ නැවතුම් පොළෙහි ප්‍රවේශ මාර්ග, බස් රථ අංගන, මගී නැවතුම්, රියදුරු – කොන්දොස්තර විවේකාගාර, පරිපාලන ගොඩනැගිලි, සනීපාරක්ෂක හා ජල අපවහන පද්ධති මේ‍ වන විට ඉතා අබලන් තත්ත්වයකට පත්ව ඇත. එම තත්ත්වය හේතුවෙන් පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ භාවිත කරනු ලබන මගී ජනතාවට මෙන්ම රියදුරු හා කොන්දොස්තර මහත්වරුන්ට සහ මෙහෙයුම් කාර්ය මණ්ඩලයට දැඩි අපහසුතාවන්ට මුහුණ දීමට සිදුව තිබේ.

එබැවින්, පිටකොටුව මධ්‍යම බස්රථ නැවතුම්පොළ ප්‍රතිසංස්කරණය කිරීම හා වර්තමානයට ගැලපෙන ලෙස සංවර්ධනය කිරීම දැඩි කාලීන අවශ්‍යතාවයක් ලෙස හඳුනාගනු ලැබ ඇත. අදාළ නවීකරණ කටයුතු හා සංවර්ධනයන් සඳහා රුපියල් මිලියන 425 ක් පමණ වැය වනු ඇතැයි ඇස්තමේන්තු කර තිබේ.

ඒ අනුව, ‘Clean Sri Lanka’ වැඩසටහන සඳහා වෙන් කර ඇති ප්‍රතිපාදන යොදා ගනිමින්, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සෘජු ශ්‍රම දායකත්වය සහ කොළඹ මහ නගර සභාව, ලංකා විදුලිබල මණ්ඩලය, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය, මාර්ග සංවර්ධන අධිකාරිය සහ නාගරික සංවර්ධන අධිකාරිය ඇතුළු අදාළ අනෙකුත් ආයතන වල දායකත්වයෙන් හා සහයෝගිතාවයෙන් පිටකොටුව මධ්‍යම බස් රථ නැවතුම් පොළ නවීකරණය හා සංවර්ධනය කිරීම පිණිස ප්‍රවාහන, මහාමාර්ග , වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *