BREAKING NEWS
Search

ටිකට් නොදෙන කොන්දොස්තරලාට වෙන්න යන දේ

341

පොදු ප්‍රවාහනය භාවිතා කරන මගී ජනතාවට අනිවාර්ය ප්‍රවේශ පත්‍රයක් ලබාදීමේ අරමුණින් මාර්ග පරීක්ෂක නිලධාරීන් ලවා සිදුකරන හදිසි බස් රථ පරීක්ෂාවලදී අවස්ථා දෙකකදී ප්‍රවේශ පත්‍ර ලබා නොදුන් කොන්දොස්තර මහතුන් අසූ අට දෙනකුගේ සේවය දින තුන බැගින් අත්හිටුවීමට පියවර ගත් බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකරියේ සභාපති (විශ්‍රාමික කොමදෝරු) ගාමිණී ජාසිංහ මහතා පැවසීය.

ඊට අමතරව අවස්ථා තුනකදී ප්‍රවේශපත්‍ර ලබා නොදුන් බවට වැටලීම්වලදී අනාවරණය වූ තවත් කොන්දොස්තර මහතුන් අට දෙනකුගේ සේවය මාසය බැගින් සේවය අත්හිටුවීමට ඉදිරියේදී පියවර ගන්නා බවද සභාපතිවරයා වැඩිදුරටත් කීය.

බස්නාහිර පළාතේ ධාවනය වන ඇතැම් පෞද්ගලික බස් රථ භාවිතා කිරීමේදී නියමිත ප්‍රවේශ පත්‍රයක් ලබා නොදීම , ඉතුරු සල්ලි ලබා නොදීම හා මගීන් සමග ගැටුම් ඇතිකර ගැනීම ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් නිරන්තරයෙන්ම පැමිණිලි ලැබෙමින් පවතී




Leave a Reply

Your email address will not be published. Required fields are marked *