BREAKING NEWS
Search

නව තරුණ මන්ත්‍රීවරයෙකුට අවස්ථාව දෙන්න ජාලිය ඕපාත මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි

1113

දඹුල්ල මහනගර සභාවේ  ලංකා පොදු ජන පෙරමුණ  නාගරික මන්ත්‍රී  දඹුල්ල හිටපු නගරාධිපති ජාලිය ඕපාත මහතා සිය මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව අද(  04 )  විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් දැනුම් දුන්නේය.

නව තරුණ මන්ත්‍රීවරයෙකුට එම අවස්ථාව ලබාදීම සඳහා ආදර්ශයක් ලබාදීම සහ වර්තමාන පාලකයන්  තමන්ගෙන් කිසිදු   සේවාවක් උපදේශයක් හෝ ලබා නොගැනීම නිසා තමන්   කණගාටුවෙන් සිටීම නිසාවෙන් මෙම තීරණය ගත් බව හෙතෙම සඳහන් කළේය.

ජාලිය  ඕපාත මහතා  අද (04 ) පෙරවරුවේ සිය නිවසේ දී විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා තිබිණි.

එහිදී වූ ජාලිය ඕපාත මහතා වැඩිදුරටත් සඳහන් කළේ තමන් මෙම ධුරයෙන් ඉවත්වීමට කරුණු කාරණා කිහිපයක් බලපෑ බවයි. තමන් මේ පිළිබඳව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායක කාරකාදීන්ට දැනුම් දී තිබෙන බවත් එ අනුව වර්තමාන නාගරික කොමසාරිස්වරිය නගරාධිපතිවරයා ඇතුළු  සියලු දෙනාට ලිඛිතව දැනුම් දීම සිදුකරන බවද හෙතෙම සඳහන් කළේය




Leave a Reply

Your email address will not be published. Required fields are marked *