BREAKING NEWS
Search

බෝට්ටුවක් පෙරළීමෙන් සංක්‍රමණිකයන් 65කට වැඩි පිරිසක් මරුට

215

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

යේමනයේ වෙරළට ඔබ්බෙන් 150 දෙනෙකු පමණ රැගත් බෝට්ටුවක් පෙරළී ගොස් ගිලී යාමෙන් සංක්‍රමණිකයන් 65 කට වැඩි පිරිසක් මියගොස් තිබේ.

මෙම පිරිසෙන් පුද්ගලයින් 10 දෙනෙකුගේ පමණ දිවි බේරාගෙන ඇති අතර අනෙක් පිරිස තවමත් අතුරුදහන් වී ඇති බව වාර්තා වේ.

මොවුන්ගෙන් බොහෝ දෙනෙක් ඉතියෝපියානු ජාතිකයන් යැයි විශ්වාස කරන බව ජාත්‍යන්තර සංක්‍රමණ සංවිධානය (IOM) වාර්තා කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

අයහපත් කාලගුණය හේතුවෙන් ඊයේ (03) මෙම අනතුර සිදුව ඇති බව සඳහන් වේ.

අප්‍රිකාවේ සිට රැකියා සොයමින් ගල්ෆ් අරාබි රාජ්‍යයන් වෙත ගමන් කරන සංක්‍රමණිකයින් සඳහා යේමනය තවමත් ප්‍රධාන මාර්ගයක් වන අතර, IOM සංවිධානය විසින් සිදුකළ සමීක්ෂණයකට අනුව එම මුහුදු කළාපයේ තිබූ නැව් සුන්බුන් අනුව ඇස්තමේන්තු ගත කර ඇත්තේ පසුගිය මාස කිහිපය තුළදී සිය ගණනක් මෙලෙස මිය ගොස් හෝ අතුරුදහන් වී ඇති බවටය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *