BREAKING NEWS
Search

මොරටුව දිසා විනිසුරු වැඩ තහනම්

156

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

මොරටුව දිසා විනිසුරු තිලිණ ගමගේ මහතාගේ වැඩ තහනම් කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව පසුගිය සිකුරාදා (01) කටයුතු කර ඇත.

වැඩ තහනම් කිරීමේ ලිපිය අධිකරණ සේවා කොමිසමේ ලේකම් ප්‍රසන්න අල්විස් මහතාගේ අසනින් යුතුව දිසා විනිසුරුවරයාට යොමු කර ඇති බව පැවසේ.

අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් තිලිණ ගමගේ මහතා සම්බන්ධයෙන් සිදුකරමින් පවතින විනය පරීක්ෂණයක් හේතුවෙන් මෙම වැඩ තහනම සිදු කර ඇත.

පසුගිය ජුනි මාසයේදී අධිකරණ සේවා කොමිෂන් සභාව තිලිණ ගමගේ මහතාට එරෙහිව චෝදනා පත්‍රයක් ඉදිරිපත් කර එම චෝදනා පත්‍රයට අනුව දින 21ක් ඇතුළත නිදහසට කරුණු දක්වන ලෙසට දැනුම් දී ඇත.

තිලිණ ගමගේ මහතා විසින් “සකුරා” නැමැති අලි පැටවකු සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් මහාධිකරණය හමුවේ අති චෝදනා ගොනුකරමින් නඩුවක් පවරා තිබූූ අතර එම නඩුව ප්‍රකාරව ගමගේ මහතා නිදහස් වීමෙන් අනතුරුව යළි සේවයේ පිහිටුවීමට අධිකරණ සේවා කොමිසම කටයුතු කර තිබිණි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *