BREAKING NEWS
Search

හිටපු මහාචාර්ය කෝටි හයකට විදලා

233

කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනයේ රුපියල් හය කෝටියකට ආසන්න මුදලක් වංචා කළේ යැයි කියන එහි ඩුබායි ශාඛාවේ කලක් කළමනාකරණ අධ්‍යක්ෂ වශයෙන් සේවය කළ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයකු අත්අඩංගුවට ගත් බව රහස් පොලීසිය කියයි.

මෙසේ අත්අඩංගුවට ගනු ලැබුවේ පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටින 78 හැවිරිදි ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙකි.

කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනයේ ඩුබායි ශාඛාවේ කළමනාකරණ අධ්‍යක්ෂ වශයෙන් සේවය කරමින් සිටියදී මෙම මුදල වංචා කර සාවද්‍ය පරිහරණය කළේ යැයි කියන චෝදනාව යටතේ මෙම ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයා අත්අඩංගුවට ගන්නා ලදැයි රහස් පොලිසියේ උසස් නිලධාරියෙක් ඊයේ (3) පැවැසීය.

මෙම මුදල් වංචාවට අදාළව ලැබුණු පැමිණිල්ල මත විමර්ශන පවත්වා හෙළිවූ තොරතුරු මත ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයා අත්අඩංගුවට ගැනුණේ රහස් පොලිසියේ වාණිජ අපරාධ විමර්ශන(1) අංශයේ පොලිස් කණ්ඩායමක් විසිනි




Leave a Reply

Your email address will not be published. Required fields are marked *