BREAKING NEWS
Search

කළුතර රත් කළ යෞවන සමාජ සම්මේලනය

54

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

කළුතර දිස්ත්‍රික් යෞවන සමාජ සම්මේලනය සහ නිළවරණය කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වුනු අතර එහිදී පිරිසක් කළබලකාරී ලෙස හැසිරීම නිසා නොසන්සුන් තාවයක් ඇති විය.

මෙම නිළවරණය අද පෙරවරුවේ  උදේ පැවැත්වුනු අතර සියළුම නිලධාරීන් පාහේ තේරුණේ ඡන්දයෙනි.

සවස් වරුවේ දිස්ත්‍රික් යෞවන සමාජ සම්මේලනය පැවැත්වීමට නියමිතව තිබියදී ප්‍රධාන ආරාධිතයාවූ කළුතර වැඩ බලන දිස්ත්‍රික් ලේකම් ශානික ත්‍රිමාන්න මහතා ඇතුළු පිරිස කැඳවාගෙන එමින් සිටියදී ශාලාවෙන් පිටත සිටි පිරිසක් නව නිලධාරීන් තේරූ ආකාරය පිළිබඳව දොස් නගමින් කළහකාරීව හැසිරෙන ලදී.

පසුව පොලිසිය මැදිහත්වී තත්වය පාලනය කරන ලදී.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *