BREAKING NEWS
Search

ඇගලුම් කර්මාන්ත ශාලාවක සේවක සේවිකාවන් පිරිසක් ගමන්ගත් බස් රථයක් ප්‍රපාතයකට පෙරලෙයි

480

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

කෑගල්ල – අවිස්සාවේල්ල මාර්ගයේ දෙහිඕවිට තැඹිලියාන ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළී තිබේ.

අදාළ බස් රථයේ ඇගලුම් කර්මාන්ත ශාලාවක සේවක සේවිකාවන් පිරිසක් ගමන්කර තිබූ බවද වාර්තා වෙයි.

අනතුර සිදුවී ඇත්තේ අද (02) අලුයම 6:30ට පමණය.

බස් රථයේ 41 දෙනෙකු පමණ ගමන් කර තිබෙන අතර ඔවුන් සියලුදෙනාම අවිස්සාවේල්ල මූලික රෝහලට ඇතුළත් කර තිබෙන බව අද දෙරණ වාර්තාකරු පැවසීය.

දැරණියගල සිට අවිස්සාවේල්ල කර්මාන්ත පුරය දක්වා ධාවනය කරමින් තිබියදී බස් රථය අනතුරට ලක්වී තිබේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *