BREAKING NEWS
Search

විභාගයට ලකුණු අඩු වූ නිසා ගුරුවරයකුගෙන් එල්ල වූ  බලපෑම් ඉවසා ගත නොහැකිව සිසුවියක් කරගත් දේ

6110

වාර විභාගවලදී අඩු ලකුණු ප්‍රමාණයක් ගත්තේ යැයි පවසමින් ගුරුවරයකුගෙන් එල්ල වූ  බලපෑම් ඉවසා ගත නොහැකිව හෝමාගම ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක 15 හැවිරිදි පාසල් දැරියක කිසියම් පෙති වර්ගයක් පානය කිරීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි නුගේගොඩ කොට්ඨාසයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

මෙසේ මියගොස් ඇත්තේ හෝමාගම කිරිවත්තුඩුව ප්‍රදේශයේ පදිංචි (15) හැවිරිදි පාසල් දැරියක බව පොලිසිය කියයි.

මේ දිනවල පාසලේ පැවැත්වෙන වාර විභාගයේදී අඩු ලකුණු මට්ටමක් ලබා ගැනීම නිසා ගුරුතුමිය දොස් නගා ඇතැයි පැවැසේ.

පාසලේ සෙසු සිසු සිසුවියන්ද ඉදිරියේ දොස් පැවරීම නිසා නිරන්තරයෙන් මානසික ආතතියට පත්ව සිටි සිසුවියට තද හිසේ කැක්කුමක් ද සෑදී ඇතැයි වාර්තා වේ.

වෛද්‍ය ප්‍රතිකාර  ගැනීමට ගිය නිසා පාසලට පැමිණීමට නොහැකි වූ හෙයින් ඊට අදාල වෛද්‍ය නිර්දේශය රැගෙන එන ලෙසට පාසලෙන් උපදෙස් ලැබී තිබේ.

එහෙත් එම නිර්දේශය සහිත වෛද්‍ය වාර්තාව රැගෙන යාමට නොහැකි වූ නිසා පාසලේ විනය භාර හිමි නම වෙත ඉදිරිපත් කර ඇති බවත් එහිදී සිසුවියට කිසියම් දඩුවමක් කර ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බව පොලිසිය කියයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *