BREAKING NEWS
Search

සෞදියේ සැණකෙළි භූමියක බිහිසුණු අනතුරක්

427

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

සෞදි අරාබියේ සැණකෙළි භූමියක විනෝදාස්වාදය සඳහා ඉදිකර තිබූ උපාංගයක් (Fairground ride) කඩාවැටී සිදු වූ බිහිසුණු අනතුරකින් එහි සිටි 23 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

ඉන් තිදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.

ජෙඩා නගරයේ තායිෆ් හි අල්-හඩා ප්‍රදේශයේ විනෝද උද්‍යානයක මෙම අනතුර සිදුව ඇත.

අනතුර සම්බන්ධයෙන් කලාපීය ආණ්ඩුකාරවරයා විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, එම විනෝද උද්‍යානය ද වසා දැමීමට නියෝග කර තිබේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *