BREAKING NEWS
Search

වැරදුනු වෙඩිල්ල

224

හික්කඩුව දොඩන්දූව ධීවර වරායේ සිටි මාලු ව්‍යාපාරිකයකු ඉලක්ක කර  අද උදෑසන එල්ල කළ වෙඩි පහර පත්තු නොවීමෙන් නාදුනන තුවක්කුකරුවන් පලා ගොස් ඇති බව හික්කඩුව පොලීසිය කියයි.

පරණ කෝන්තරයක් මත මේ මාලු ව්‍යාපාරිකයා වෙඩි තැබීමට නාදුනන තුවක්කුකරුවන් දෙදෙනකු යතුරු පැදියකින් දොඩන්දූව ධීවර වරායට පැමිණ ඇති බවත් ඔවුන් දෙදෙන අදාල පුද්ගලයා ඉලක්ක කරගෙන වෙඩි තැබීමට  උත්සහා දරා ඇති බවත් ගිනි අවිය කියාත්මක නොවීමෙන් නාදුනන තුවක්කුකරුවන් පලා ගොස් ඇති බවත් පොලීසිය කියයි.

කොස්ගොඩ දූවේමෝදර ප්‍රදේශයෙ මේ ආකාරයටම ඊයේ(31) නාදුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු තරුණයකු වෙඩි තබා ඝාතනය කළ බවත් මේ වෙඩි තැබීමට පැමිණියේ මේ නාදුනන තුවක්කුකරුවන්ද යන්න පිළිබඳව සැකකරන බවත් පොලීසිය කියයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *