BREAKING NEWS
Search

නැගණියගේ ඡායාරූප මුදලට විකුණු නරුම සහෝදරයෙක් ගැන එලියට ආ පුදුම හිතෙන කතාව

1491

සමාජ මාධ්‍ය හේතුවෙන් අද වන විට අපරාධ රැසක් සිදුවී තිබේ.සමාජ මාධ්‍ය ඒ ආකාරයෙන් අයහපත් අයුරින් භාවිතා කරන බොහෝ දෙනෙක් තම ජීවිතය පවා අනතුරට පත් කර ගනී.

මේ කියන්න යන්නෙත් ඒ වගේ කතාවක් ගැනයි. ටෙලිග්‍රෑම් සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ කාන්තාවන් සහ තරුණ තරුණියන්ගේ අසභ්‍ය ඡායාරූප අලෙවි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ඒ සමාජ මාධ්‍ය ඔස්සේ ලද පැමිණිල්ලකට අනුවයි.. ඒ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීනියක් වන චාන්යා හේරත් කරුණු අනාවරණ කර තිබූ අතර එමගින් ඇය දක්වා තිබුණේ නැගණියගේ ඡායාරූප මුදලට අලෙවි කරන සහෝදරයෙකු පිළිබදවයි.

ටෙලිග්‍රෑම් ගිණුමක පුද්ගලයින්ට ඔහු විසින් මීට අදාළ අසභ්‍ය ඡායාරූප යොමුකර ඊසී කෑෂ් ක්‍රමය ඔස්සේ මුදල් උපයා ඇති බවයි ඇය සිය සමාජ මාධ්‍ය ගිණුමේ දක්වා තිබුණේ.

මේ පිළිබදව සමාජ මාධ්‍ය තුළ මේ වනවිට දැඩි කතාබහක් පවතිනි අතර ඒ සම්බන්ධයෙන් තොරතුරුද හුවමාරුවෙමින් පවතිනවා.

එවන් පසුබිමක මෙම සිද්ධිය පිළිබදව විමර්ශනයක් ආරම්භ කළ බවයි ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිනිය වන ප්‍රීති ඉනෝකා රණසිංහ කියා සිටියා. මේ පිළිබද වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *