BREAKING NEWS
Search

මාරක අනතුරින් බිරිඳ ජීවිතක්ෂයට සැමියාට බරපතළයි

4286

මරදානේ සිට නාවලපිටිය දක්වා ධාවනය වූ යතුරුපැදියක් ලොරි රථයක ගැටී සිදු වූ අනතුරකින් එහි ගමන්ගත් කාන්තාව ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙම යතුරුපැදියේ අඹුසැමි යුවලක් ගමන් කර ඇති අතර බිරිද එම ස්ථානයේදීම මියගොස් සැමියා බරපතළ තුවාල ලබා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුලත් කර ඇත.

මෙසේ මියගොස් ඇත්තේ මරදාන ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 44ක් වන දෙදරු මවකි.

අදාල යුවල නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබන ඥාතියෙකු බැලීමට යතුරුපැදියෙන් ගමන් කරමින් සිටියදී හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ මිල්ලගහමුල ප්‍රදේශයේදි මෙම අනතුරට මුහුණ දී තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරා සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසුවේය.

මියගිය කාන්තාවගේ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා දික්ඔය මුලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර ඇත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *