පානදුර ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීම් දෙකකට වෙඩික්කරුවන් රැගෙන ආ පැදිකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් විසින්.
සැකකරු රත්නපුර ප්‍රදේශයේදී ඊයේ (29) අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ.
එම සැකකරු රත්නපුර පොලිසිය වෙත භාර දී තිබූ අතර අද උදෑසන 6ත් 7ත් අතර කාලය තුළ වැසිකිලි යාමට අවශ්‍ය බව පවසා සැකකරු පොලිස් සිර මැදිරියෙන් ඉවතට පැමිණ තිබෙනවා.
අනතුරුව අදාළ සැකකරු පොලිස් ස්ථානයෙන් පැනගොස් ඇති අතර පලාගිය සැකකරු පිළිබඳ මෙතෙක් තොරතුරක් අනාවරණ වී නැති බවද පොලිසිය පවසනවා.
රත්නපුර අංගම්මන ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වූ මෙම සැකකාර පුද්ගලයා අද අධිකරණයට ඉදිරිපත් කිරීමටයි නියමිතව තිබුණේ.


















