BREAKING NEWS
Search

ප්‍රබල භූකම්පනය මැද වෛද්‍යවරු ජීවිතයක් බේරගන්න රෝහලක් තුළ ගත් උත්සාහය… වීඩියෝ

193

රුසියාවේ නැගෙනහිර වෙරළ තීරයේ ඇතිවූ භූමිකම්පනය අතරතුර රුසියාවේ රෝහලක් තුළ සැත්කමක් සිදුකරන අයුරු දැක්වෙන දර්ශන පෙළක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

එරට වේලාවෙන් අද (30) පෙරවරු 11.25ට පමණ මෙම භූකම්පනය සිදුව තිබුණේ නැගෙනහිර කම්චැට්කා හි සිට කිලෝ මීටර් 74ක් දුරින් පැසිෆික් සාගරයේ ය.

භූකම්පනයක් හටගත් අවස්ථාවේදී රුසියාවේ බොහෝ ස්ථානවල ගොඩනැගිලි සෙලවී කඩා වැටී තිබුණු අතර, රෝහල තුළ සැත්කම සිදුකරමින් තිබෙන අවස්ථාවේ වෛද්‍යවරු ප්‍රමුඛ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය එම අවස්ථාවට මුහුණදුන් අයුරු බොහෝ දෙනාගේ සිත් සංවේදී කළ දර්ශනයක් වුණි.

මෙය වාර්තාවන්නේ ඉතිහාසයේ හය වැනි විශාලතම භූකම්පනය ලෙසය.

භූකම්පනයෙන් රුසියාවේ නැගෙනහිර කලාපීය නගරවල පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වන නමුත් කිසිදු ජීවිත හානියක් මෙතෙක් වාර්තාවී නැහැ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *