BREAKING NEWS
Search

ටික්ටොක් පෙම්වතාට බයික් එකක් අරන් දෙන්න පෙම්වතිය කරපු දේ…

33
TIKTOK හරහා හඳුනාගත් පෙම්වතාට යතුරුපැදියක් මිලදී ගැනීමට ඥාති නිවසකින් රන් ආභරණ සොරාගත් යුවතියක් ඇතුළු හත් දෙනෙකු චාවකච්චේරී පොලිස් මත්ද්‍රව්‍ය හා අපරාධ මර්දන අංශය විසින් ඊයේ (28) සවස අත්අඩංගුවට ගෙන තිබෙනවා.
විදෙස්ගතව සිට නිවාඩුවට දිවයිනට පැමිණි කාන්තාවක්, සමීප ඥාතියෙකු වූ මෙම යුවතිය සමඟ නිවසේ පදිංචි වී සිටි ඇති බවයි වාර්තා වෙන්නේ.

මේ අතරතුර ඇගේ සන්තකයේ තිබූ රන් ආභරණ ටිකෙන් ටික අතුරුදහන් වන බව දැනගත් එම කාන්තාව, අදාළ යුවතිය නිවසින් පිටත් කර තිබෙනවා.

නැවත දිනක් තම බඩු භාණ්ඩ රැගෙන යාමට එම කාන්තාවගේ නිවසට පැමිණි යුවතියට නතර වන ලෙස පවසා නාන කාමරයට ගොස් ආපසු පැමිණෙන විට තම තැලි මාලය නොමැති බව දැක තිබෙනවා.

අදාළ යුවතියද එතැනින් පිටව ගොස් ඇති බැවින් ඒ සම්බන්ධයෙන් එම කාන්තාවට සැක සිතී පොලිසියේ පැමිණිල්ලක් කර තිබෙන බවයි පොලිසිය පවසන්නේ.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *