BREAKING NEWS
Search

මාරවිලම සලිත කළ සුද්දිව ඝාතනයේ සුලමුල ඔත්තුකරුවෙක් වමාරයි…

1154

මේ මාරවිලම සලින කළ බිහිසුණු ඝාතනයක් ගැන ඇහෙන අලුත්ම කතාව…

මාරවිල මරද ප්‍රදේශයේදී වසන්ති චතුරාණි හෙවත් ‘සුද්දී’ නමැති සුරූපී කාන්තාව වෙඩි තබා ඝාතනය කර ඇත්තේ ඉතාලියේ සැඟවී සිටින ‘මාරවිල බලු ෂිහාන්’ නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු පාතාල කුලී ඝාතකයකුට ලබාදුන් මුදල් කොන්ත්‍රාත්තුවක් මත බව පොලිස් විමර්ශනවලින් හෙළි වී තිබෙනවා.

මෙම ඝාතනය සඳහා ඔත්තු බැලූ පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී මෙහි සුලමුල හෙළි වී තිබේ.

මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් බලු ෂිහාන් සහ සුද්දී අතර ඇති වූ මුදල් ආරවුල් මත මෙම ඝාතන කොන්ත්‍රාත්තුව ඉතාලියේ සිට ලබාදී ඇති බවද අනාවරණය වී ඇත.

මෙම ප්‍රහාරය එල්ලකර ඇත්තේ හමුදාවෙන් පලා ආ කුලී ඝාතකයකු විසින් බවද පොලිසිය පවසයි.

පොලිසිය පවසන අන්දමට බලු ෂිහාන් නමැත්තා මාදම්පේ ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර මොහු මීට වසර 4කට පමණ උඩදී ඉතාලියට පලාගොස් තිබිණි.

එතැන් සිට බලු ෂිහාන් නැමැත්තා මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවී ඇති අතර සුද්දී නමැති කාන්තාව මත්ද්‍රව්‍ය අලෙවිය සඳහා හෙරොයින් ලබාගෙන ඇත්තේ ද ඔහුගෙන්ය.

මෙම හෙරොයින් මිලදී ගැනීම සම්බන්ධයෙන් කාලයක සිට සුද්දී සහ බලු ෂිහාන් අතර ආරවුල් පැවති අතර ඔවුන් අතර දිගින් දිගටම දුරකථනය ඔස්සේ තර්ජනය කිරීම් ද සිදුවී ඇත.

බලු ෂිහාන් නමැත්තා හමුදාවෙන් පලා ආ සෙබළෙකුට මුදල් කොන්ත්‍රාත්තුවක් ලබාදී මෙම ප්‍රහාරය සැලසුම්කර ඇත.

සුද්දී නමැති කාන්තාව ඝාතනයට ලක්වූ දින රාත්‍රියේ ඇයගෙන් කුඩු මිලදී ගැනීමට අවශ්‍ය බව කියමින් ඇමතුම් ලබාදී ඇත්තේ ද මෙම ඝාතන සැලසුමේම හවුල්කරුවන් දෙදෙනකු විසින්ය.

එම සැකකරුවෝ දෙදෙනා මේ වනවිට පොලිස් අත්අඩංගුවේ පසුවෙති. සුද්දී මත්ද්‍රව්‍ය පැකට් දෙකක් රැගෙන මාරවිල පිහිටි සිය මවගේ නිවස අසලට ත්‍රිරෝද රථයෙන් පැමිණි අවස්ථාවේ එහි කඩාවැදී ඇති පාතාල කුලී ඝාතකයා සුද්දීට සහ ඇගේ දස හැවිරිදි දරුවාට වෙඩිතබා පලාගොස් තිබිණි.

ප්‍රහාරයෙන් සුද්දී සිද්ධිය වූ ස්ථානයේම මිය ගියාය. ප්‍රහාරය එල්ල කළ හිටපු හමුදා සෙබළා මේ වනවිට පලාගොස් සිටින අතර ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිසිය විමර්ශන පවත්වාගෙන යයි.

පුත්තලම දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොහාන් පෙරේරා යන මහත්වරුන්ගේ උපදෙස් මත මාරවිල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක සරත් සමරවික්‍රම මහතාගේ මෙහෙයවීමෙන් විමර්ශන පැවැත්වෙයි.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *