ඉන්දියාවේ බස් රථ අනතුරකින් පුද්ගලයින් 18ක් මරුට

3236

ඉන්දියාවේ ජාර්කන්ඩ් හිදී බස් රථයක් ගෑස් ප්‍රවාහනය කරමින් තිබූ ට්‍රක් රථයක ගැටීමෙන් පුද්ගලයින් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ ඉන්දියාවේ මොහාන්පූර් පොලිස් ස්ථාන සීමාව තුළ ජමුනියා වනාන්තරය අසලදී මෙම අනතුර සිදුව ඇති බවය.

අනතුරිත් තවත් පුද්ගලයින් කිහිප දෙනෙකු තුවාල ලබා ඇතැයිද ඔවුන්ගෙන් ඇතැම් අයගේ තත්ත්වය බරපතළ බවද වාර්තා වේ.

තුවාල ලැබූවන් ප්‍රතිකාර සඳහා ආසන්නයේ පිහිටි රෝහල් සහ ප්‍රාථමික සෞඛ්‍ය මධ්‍යස්ථාන වෙත ඇතුළත් කිරීමටද පියවර ගෙන තිබේ.

අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අනතුරට හේතුව සොයා ඉන්දීය බලධාරීන් විමර්ශන ආරම්භ කර ඇතැයිද ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *