කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ යන රියදුරන්ට දැනුම්දීමක්

358

කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ රථවාහන ගමනාගමනය සීමා කිරීමක් සම්බන්ධයෙන් පොලීසියෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.

වරකාපොළ පොලිස් වසමේ ශ්‍රී මුත්තුමාරි අම්මාන් කෝවිල මගින් සංවිධානය කරනු ලබන වාර්ෂික පෙරහැර හේතුවෙන් රථවාහන ගමනාගමනය මෙලෙස සීමා කර ඇත.

එම පෙරහැර අද (28) රාත්‍රී 08.00 සිට රාත්‍රී 11.00 දක්වා කෝවිල් පරිශ්‍රයෙන් ආරම්භ වී කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ වරකාපොල නගරය දක්වා වීථී සංචාරය කර නැවත එම මාර්ගයේම කෝවිල දක්වා ගමන් කිරීමට නියමිතව ඇත.

එබැවින් එම කාල සීමාව තුල ප්‍රධාන මාර්ගයේ ගමනාගමනය අවහිර වන බැවින් මහජනතාවට සිදුවන අපහසුතාවය වළක්වා ගැනීම සඳහා රථවාහන නිලධාරීන්ගේ මග පෙන්වීම මත විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *