බොරැල්ලේ මාරක අනතුරින් තුවාල ලැබූවන් ගැන ඇසෙන අලුත්ම ආරංචිය

3002

අද (28) උදෑසන බොරැල්ල, කනත්ත හන්දියේ දී සිදුවු මාරක අනතුරින් තුවාල ලැබු පුද්ගලයින් අතර පොලිස් නිලධාරීන්  දෙදෙනෙකු ද සිටින බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.

එම අනතුරින් තුවල ලැබූ 07 දෙනෙකු මේ වනවිට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

තුවාලකරුවන් අතරින් දෙදෙනෙකු කාන්තාවන් වන බවත්, ඉතිරි පස්දෙනා පිරිමි පුද්ගලයින් වන බව කොළඹ ජාතික රෝහලේ, නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පැවසීය.

අද උදෑසන රාජගිරිය දෙස සිට බෞද්ධාලෝක මාවත දෙසට ධාවනය වෙමින් තිබූ දොඹකරයක්, කනත්ත වටරවුමේ මාර්ග සංඥා අසල නවතා තිබූ යතුරු පැදි 6ක සහ මෝටර් රථ 3ක් ගැටී අනතුර සිදුව තිබුණි.

එම අනතුරින් එක් අයෙකු මියගොස් තවත් පුද්ගලයින් 07 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කෙරුණි.

අනතුරින් මියගොස් ඇත්තේ අවුරුදු 62ක් වූ අතුරුගිරිය ප්‍රදේශයේ පුද්ගලයෙකි.

අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දොඹකරයේ රියදුරු ගංජා මත්ද්‍රව්‍ය පානය කර සිට ඇතැයි තහවුරු විය.

අදාළ පුද්ගලයා සම්බන්ධයෙන් සිදුකළ වෛද්‍ය පරීක්ෂණයේ දී මේ බව අනාවරණය වී ඇත.

දොඹකරයේ තිරිංග අක්‍රීය වීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවට පොලීසිය සැක පළ කරයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *