BREAKING NEWS
Search

එක්ස්ප්‍රස් පර්ල් ගැඹුරු මුහුදට ගෙන යන්නැයි ජනපතිගෙන් උපදෙස්

119

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

ගිනි ගැනීමෙන් හානි වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගැඹුරු මුහුදට රැගෙන යන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බළධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. ඊයේ (01) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දී තිබේ.

නෞකාව මුහුදුබත් වුවහොත් සාගර පරිසරයට සිදුවිය හැකි අවදානම සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවේදී නාවුක හා පරිසර විශේෂඥයන් විසින් පෙන්වා ‍දී ඇති අතර ඒ අනුව වියහැකි අවදානම අවම කර ගැනීම සඳහා නෞකාව ගැඹුරු මුහුදට රැගෙන යායුතු බවට තීරණය වී තිබේ.

නීතිපතිවරයාගේද උපදෙස් ලබාගෙන ගැඹුරු මුහුදට නෞකාව රැගෙන යාම සඳහා වහාම නියෝගයක් නිකුත් කරන ලෙස සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිවරයාට දන්වා තිබෙනවා. ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා තිබෙන්නේ මෙම තීරණය තාක්ෂණික කරුණු මත පදනම්ව ගතයුතු බවයි. දේශපාලන කාරණා ඒ සඳහා අදාල කර නොගන්නා ලෙසද උපදෙස් ලබා දී තිබෙනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *