බොරැල්ලේ බිහිසුණු අනතුර සිදුවෙන අවස්ථාවේ දොඹකරයේ රියැදුරු ත්‍රෛයිලෝක විජය පත්‍ර පානය කරලා

1449

අද (28) උදෑසන බොරැල්ල කනත්ත අසළදී පුද්ගලයෙකුට මරු කැඳවමින් සිදු වූ රිය අනතුර සිදුකළ දොඹකරයේ රියැදුරු එම අවස්ථාවේදී ගංජා පානය කොට සිට ඇති බවට රිය අනතුරින් පසුව සිදුකළ වෛද්‍ය පරීක්ෂණයේදී අනාවරණය වී තිබෙනවා.

රාජගිරියේ සිට බොරැල්ල දෙසට ධාවනය වූ ගස් කැපීම සඳහා යොදා ගන්නා දොඹකරයක් බොරැල්ල කනත්ත අසළදී රියැදුරුගේ පාලනයෙන් ගිහිලී ඉදිරියට ධාවනය වී මෙම අනතුර සිදුවුණා.

එම අවස්ථාවේ බොරැල්ල කනත්ත වටරවුමේ අලෝක සංඥා පුවරු අසළ දැඩි රථවාහන තදබදයක් පැවති අතර එහිදී දොඹකරය පළමුවෙන් ගැටී ඇත්තේ මාර්ගය අයිනේ තිබූ විදුලි කණුවකයි.

පසුව ඉදිරියෙන් ධාවනය වූ යතුරු පැදි 3ක සහ තවත් මෝටර් රථ 2ක ගැටී දොඹකරය නොනවත්වා ඉදිරියට ධාවනය වී තිබුණා.

අනතුරුව තවත් යතුරු පැදි 2ක් දොඹකරයේ ගැටී එහි සිරවී ඇති අතර දොඹකරය නැවතී ඇත්තේ එම අවස්ථාවේයි.

එහිදී දොඹකරයට යටවූ එක් යතුරු පැදිකරුවෙකු එම ස්ථානයේදීම මියගොස් ඇති අතර ඔහු 62 හැවිරිදි පුද්ගලයෙක්.

තවත් 6 දෙනෙකුට අනතුරින් බරපතල තුවාල සිදුව තිබෙනවා.

තුවාලකරුවන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු අතර දොඹකරයේ රියැදුරු අත්අඩංගුවට ගනු ලැබුවා.

source :hirunews




Leave a Reply

Your email address will not be published. Required fields are marked *