18 හැවිරිදි තරුණයෙකුගේ ජීවිතය උදුරා ගත් බහින්බස් වීම

399

මාතලේ පලාපත්වල ප්‍රදේශයේ නිවසක දෙපාර්ශවයක් අතර ඇති වූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් සිදුකළ පහරදීමකදී පුද්ගලයෙකු මියගොස් තිබේ.

මරණකරු වයස අවුරුදු 18 ක් වූ පලාපත්වල, මාතලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඊයේ (27) සවස මරණකරු තවත් පුද්ගලයින් තිදෙනෙකු සමඟ සැකකරුගේ නිවසට පැමිණ සැකකරු හා නිවැසියන් අතර බහින් බස් වීමක් ඇතිකරගෙන තිබේ.

එම බහින්බස්වීම දුරදිග යාම හේතුවෙන් සැකකරු අසල තිබූ තියුණු ආයුධයකින් මරණකරුගේ ගෙල ප්‍රදේශයට පහර දී තවත් පුද්ගලයෙකුට ද කැපුම් තුවාල සිදුකර ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත.

තුවාලකරුවන් මාතලේ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු එක් පුද්ගලයෙකු මියගොස් ඇත.

අපරාධයට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර මාතලේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *