BREAKING NEWS
Search

ගණිත ගුරුවරයාට දිවි අහිමි කළ , නොසිතූ මොහොතක සිදුවූ බිහිසුණු අනතුර …

8011
මේ කියන්න හදන්නේ දුක්බර පුවතක් ..
වවුනියාව පුලියන්කුලම් පරසන්කුලම් ප්‍රදේශයේදී ඊයේ (27) රාත්‍රී සිදු වූ යතුරු පැදි අනතුරකින් කිළිනොච්චියේ පාසලක ගණිත ගුරුවරයෙකු මියගොස් තිබෙනවා.

ඔහු ත්‍රිකුණාමලයේ සිට කිළිනොච්චියේ භාරතීපුරම්ප්‍රහි පිහිටි ඔහුගේ නිවස වෙත යතුරු පැදියෙන් ගමන් කරමින් සිටියදී එම යතුරු පැදිය විදිලි කණිවක ගැටීම නිසා මෙම අනතුර සිදුව ඇති බව සඳහන්.

යතුරු පැදිකරු අධික වේගයෙන් පැදවූ යතුරු පැදිය ඔහුට පාලනය කර ගැනීමට නොහැකිවීමෙන් එය විදුලි කණුවේ ගැටී තිබෙනවා.

මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ කිලිනොච්චි භාරතීපුරම්හි පදිංචි 23 හැවිරිදි ජයසීලන් දිවාකරන් නැමති කිළිනොච්චියේ රජයේ පාසලක ගණිත ගුරුවරයෙක්.

අනතුරෙන් පසුව බරපතල තුවාල ලබා සිටි ඔහුව වවුනියාව මහ රෝහල වෙත ඇතුළත් කරණ විටත් ඔහු මියගොස් ඇති අතර පුලියන්කුලම පොලීසිය මෙම අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යනු ලබනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *