BREAKING NEWS
Search

යූත් ක්ලබ් බලය දැක ඇතැමුන් කලබල වෙලා

89

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

බලය පවතින විට යෞවන සමාජ පිළිබඳව හෝ තාරුණ්‍ය පිළිබඳව අවධානය යොමු නොකළ විපක්ෂයේ කණ්ඩායම් දැන් තාරුණ්‍යයේ බලය දැක බෙහෙවින් කලබලයට පත් වී ඇති බව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පැවසීය. 

යූත් ක්ලබ්  කොළඹ දිස්ත්‍රික් සම්මේලනය අමතමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කීය.ජාතික තරුණ සේවා සභා පරිශ්‍රයේදී මෙය පැවැත්විණි.

මින් පෙර යෞවන සමාජ ව්‍යාපාරය වල අවස්ථා හිමි වූයේ දේශපාලකයන්ගේ දරුවන්ට පමණක් බව කී නියෝජ්‍ය අමාත්‍යවරයා අද වන විට එය සමස්ත ශ්‍රී ලාංකේය තාරුණ්‍යයේ තැන බවට පත් කිරීමට හැකි වී ඇති බව සඳහන් කළේය.

ඒ අනුව විවිධ හැකියාවන්ගෙන් යුත් මෙරට සාමාන්‍ය තරුණ තරුණියන් විශාල පිරිසක් යූත් ක්ලබ් සමඟ සම්බන්ධ වී අද වන විට වගකීම් ලබාගෙන ඇති බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා කීවේය.

කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණාරච්චි,  ජාතික තරුණ සේවා සභාවේ සභාපති, අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ සුපුන් විජේරත්න, අතිරේක දිස්ත්‍රික් ලේකම් කාංචනා ගුණවර්ධන මහත්ම මහත්මීහුද මීට සහභාගී වූහ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *