BREAKING NEWS
Search

තෙරපියෙන් එහාට යන්න බෑ කියුවැයි සම්බාහනයකට ආ කොස්තාපල්, තෙරපිවරියට අමුතු සම්බාහනයක් දීලා…

1756

මේ සම්බාහන ආයතනයකින් ඇහෙන කතාවක්.

වාද්දුව තල්පිටිය සම්බාහන ආයතනයකට ගොස් තෙරපිවරියකගෙන් වෙනත් දෙයක් ඉල්ලා නොලැබුණු තැන පහරදී එහි තිබූ මුදල් කොල්ලකෑ පොලිස් කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ පොලිස් කොස්තාපල්වරයා පසුව තෙරපිවරියව පැහැරගෙන විත් වාද්දුව නගරයේදී යළි පහර දුන්බවටයි චෝදනා එල්ල වන්නේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හොරණ මූලස්ථාන පොලිසියට අනුයුක්ත පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ යතුරුපැදී ඒකකයේ රාජකාරී සඳහා අනුයුක්ත කර ඇති කොස්තාපල්වරයෙක්.

සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී රුපියල් 27000/= මුදලක් තිබූ බව ද පොලිසිය සදහන් කරනවා.

කොස්තාපල්වරයාගෙන් පහර කෑ තෙරපිවරිය පානදුර මූලික රෝහල වෙත ඇතුලත් කර ඇති බව සදහන්.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *