මුලින්ම අක්මාවේ ශරීර විද්යාත්මක ව්යුහය (Anatomical Structure ) සහ කාර්යභාරය සරලව විමසා බලමු..
නිරෝගී අක්මාව ත්රිකෝණාකාර, කිලෝග්රෑම් 1.5 ක් පමණ බර වන අතර රතු-දුඹුරු පැහැ වේ.
අක්මාව ශරීරයේ වැදගත්ම ඉන්ද්රියක වන අතර එයින් විශාල කාර්යභාරයක් සිදුවේ.
පරිවෘත්තීය ක්රියාවලට අවශ්ය හෝර්මෝන, ප්රෝටීන, ලවණ නිපදවීම.
ශරීරයේ විෂ ද්රව්ය ඉවත් කිරීම.
අක්මාව ආශ්රිතව බොහෝ රෝග තත්වයන් ඇති වුවත් අක්මාවේ නියමිත ප්රමාණය ඉක්මවා මේද තැන්පත් වීම පිළිබඳව සලකා බලනු ලැබේ…
අකමාවේ මුළු බර ප්රමාණයෙන් 5-10% ක පමණ ප්රමාණයක් මේද තැන්පත් වී තිබීම සාමාන්ය වේ
මේ ප්රමාණය ඉක්මවා තෙල් තැන්පත් වීම Fatty Liver නම් වේ. බොහෝ අයට විවිධ මට්ටම්වලින් මෙම රෝගය ඇති බව සැලකෙන නමුත් ඒ බව ඔවුන් නොදනී.
අධික මත්පැන් පානය කිරීම සේ සඳහා ප්රධාන හේතුව වන අතර ,එසේ නොවන අයගේද දැන් මෙම රෝග තත්වය ඇතිවෙමින් පවතියි, එයට පහත හේතූන් බලපායි.
කාලීනව භාවිතා කරන ඖෂධ වර්ග
මෙම තත්වය කාන්තාවන්ට වඩා පිරිමින්ට සුලබ වේ.
මෙම රෝගයේදී ඇතැම් අයට රෝග ලක්ෂණ නොපෙන්වන අතර ඇතැමුන්ට
උදරයේ අක්මාව ඇති ප්රදේශයේ කැක්කුම.
මෙම මේද තැන්පත් වීමේ ප්රමාණය අනුව අදියර තුනක් (Grade I, II, III) යටතේ වර්ග කෙරෙයි.
රුධිර පරීක්ෂා සහ ස්කෑන් පරීක්ෂණ මඟින් මෙම තත්වය පිළිබඳව තහවුරු කරගත හැක.
මෙම මේද තැන්පත් වීම නිසි ප්රතිකාර, ව්යායාම සහ නියමිත ආහාර සහ විහරණ අනුගමනය නොකිරීමෙන් එක් අදියරක් තවත් අදියරකට පත්වීම සහ අවසනදී සිරෝසිස් තතවයට පත් වීම සිදු විය හැකිය.
මෙම තත්වය වළක්වා ගැනීමට සිදු කළ යුතු දේ..
හීනටි, සුවඳැල්, මඩතවාළු, පච්චපෙරුමාල් වැනි සහල් වර්ග පරිභෝජනය ඉතා සුදුසුය.
හීන් බෝවිටියා, පිටවක්කා, යකිනාරං, මොණරකුඩුම්බිය කොළවලින් , ඉහත සහල් යොදා පිසින කැඳ ඉතා සුදුසුය.
ගොටුකොළ, සාරණ, කිරිහැන්ද, කිරිඅගුණ, තම්පලා, මුගුණුවැන්න,ගිරාපළා ආදිය ආහාරයට එක් කර ගැනීම ඉතා සුදුසුය.
පැළ මුං සකස් කර සම්බෝල ලෙස ,ව්යංජන ලෙස ගැනීම සුදුසුය.
තේ, කෝපි වෙනුවට රණවරා, බෙලිමල්, කොත්තමල්ලි තම්බා පානය ඉතා සුදුසුය.
සුදුළූණු සහ උළුහාල් තම්බා බීම ඉතා සුදුසුය.
අක්මාගත මේද තත්වය සඳහා ආයුර්වේද ප්රතිකාර
ඇතැම් අය BMI තුළ සිටියත්, ශරීර ප්රමාණයෙන් කෙසඟ වුවත් මෙම තත්වයෙන් පෙළිය හැකිය.
මෙම තත්වය පළමු අවස්ථාවේ පවතී නම් ආහාර රටාව සහ ව්යායාම මඟින් සුව කරගත හැකිය.
වර්තමාන කාලයේ ඉතා ජනප්රිය හීන් බෝවිටියා කැඳ හෝ කොළකැඳ පානයෙන් පමණක් මෙම රෝගයේ තුන්වන අදියර සුව කර ගැනීම සිදු කරගත නොහැක.
දෙවන සහ තුන්වන අවස්ථාවන් සඳහා නිසි රෝග පරීක්ෂාවක් සිදුකර, නිසි ආහාර විහරණ රටා සහිතව ආයුර්වේද ඖෂධ ලබා ගැනීමෙන් සති 3-6 ක කාලයක් තුළ සම්පූර්ණ සුවය ලබා ගත හැකිය.

















