BREAKING NEWS
Search

ඇළකට වැටී සිඟිත්තියකට දිවි අහිමි වෙයි

294

දිඹුලපතන පොලිස් වසමේ රොසිටා වත්ත ප්‍රදේශයේදී නිවසක් ආසන්නයේ ඇති ඇළ මාර්ගයකට වැටී කුඩා දැරියක්  මියගොස් තිබේ.

ඊයේ (26) උදෑසන කාලයේ මෙම සිදුවීම වාර්තා වූ බව පොලීසිය පවසයි.

එලෙස මියගොස් ඇත්තේ, අවුරුදු 04ක් වූ රොසිටා වත්ත, කොටගල ප්‍රදේශයේ පදිංචිව සිටි සිඟිත්තියකි.

මෘත ශරීරය දික්ඔය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර දිඹුලපතන පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

මේ අතර පසුගිය 26 වන දින දහවල් කාලයේ පොළොන්නරුව පොලිස් වසමේ පත්තිනි පෙදෙස 02 ප්‍රදේශයේදී ඇති ඇල මාර්ගයක දිය නෑමට ගිය පුද්ගලයෙකු දියට වැටී මියගොස් තිබේ.

එලෙස මියගොස් ඇත්තේ, නවනගරය, මැදිරිගිරිය ප්‍රදේශයේ පදිංචිව සිටි 38  හැවිරිදි පුද්ගලයෙකි.

පොළොන්නරුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *