BREAKING NEWS
Search

දෙමටගොඩ කාමරයකදී ත්‍රිරෝද රියැදුරෙක්ට අත් වූ බිහිසුණු ඉරණම

408

දෙමටගොඩ, කාලිපුල්ලෙවත්ත ප්‍රදේශයේ කුලී කාමරයක දී  (24 දා) ත්‍රිරෝද රථ රියැදුරකුගේ ගෙල කපා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් දෙමටගොඩ පොලිසිය පුළුල් පරීක්‍ෂණයක් අරඹා තිබේ.

මෙලෙස ඝාතනය කර ඇත්තේ මාදම්පිටියගේ සෝමරත්න නමැති 69 හැවිරිදි එක්දරු පියෙක් බව පොලිසිය පවසයි.

ඝාතනයට ලක්වූ අය ත්‍රිරෝද රථ වෘත්තියට අමතරව මුදල් පොලියට ලබාදෙන අයකු බවත්, ඔහු විවාහ වී දික්කසාද වී සිටින අයෙකු බව හෙළිවිණැයිද පොලිසිය කියයි.

මොහුව එම කුලී කාමරයක් තුළ ගෙල කපා ඝාතනය කර එම කාමරයේ දොර වසා ඝාතකයන් පලාගොස් ඇත.

ඝාතකයන් සොයා ගැනීමට ඒ ආයතනයේ සී.සී.ටී.වී. කැමරා පරීක්‍ෂාවට ලක්කරන බවද, මොහුව මෙලෙස ඝාතනය කිරීමට හේතුව මෙතෙක් හෙළිවී නැතැයිද පොලිසිය කියයි.

මේ පිළිබඳව දෙමටගොඩ පොලිසියේ ස්ථානාධිපති ප්‍ර.පො.ප. ශිරාන් පෙරේරා මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පො.ප. විජිතානන්ද මහතාගේ මෙහෙය වීමෙන් උ.පො.ප. පතිරණ, පො.සැ. සමරජීව (2830) යන නිලධාරීහු වැඩිදුර පරීක්‍ෂණ සිදු කරති.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්




Leave a Reply

Your email address will not be published. Required fields are marked *