BREAKING NEWS
Search

ගුවන් යානයක් කඩා වැටිමෙන් සිදුවූ බිහිසුණු අනතුර …

671
ඉතාලියේ බ්‍රෙෂියා පළාතේදී සැහැල්ලු ගුවන් යානයක් අධිවේගී මාර්ගයකට කඩා වැටී ගිනිගෙන පිපිරී යන දැක්වෙන වීඩියෝ දර්ශන මේ වන විට අන්තර්ජාලයේ සංසරණය වෙනවා.
පසුගිය අඟහරුවාදා (22) සිදුවූ මෙම අනතුරින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

සංසරණය වෙන මෙම වීඩියෝ දර්ශනවල දැක්වෙන්නේ ගුවන් යානය වේගයෙන් බිමට කඩා වැටෙන ආකාරයයි.

එහිදී ගුවන් යානයට මාර්ගයේ ගමන් කරමින් තිබූ කිසිදු මෝටර් රථයකට හෝ වෙනත් වාහනයකට හානි කිරීමට නොහැකි වී ඇති අතර, යානය බිම වැදීමෙන් පසු මාර්ගය පුරා පැතිරුණු ගිනි දැල් මැදින් එක් මෝටර් රථයක් ධාවනය වන අයුරුත්, තවත් මෝටර් රථයක්ද ගිනිදැල් මැදින් ගමන් කරන අයුරුත් එම වීඩියෝ දර්ශන ඔස්සේ දැකගත හැකියි.

මෙම වාහන දෙකම අනතුරට ලක් නොවූ බවත්, රියදුරන් දෙදෙනෙකුට බරපතල නොවන තුවාල සිදුව ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තාවේ සඳහන්.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *